Health
ජල චිකිත්සාවෙන් සුවය ලබාගත හැකි රෝග රැසක්
භෞතචිකිත්සාවේ එන වැදගත් ප්‍රතිකාර ප්‍රභේදයක් වන ජල චිකිත්සාව ලංකාව වැනි රටකට ඉතා සුදුසු ප්‍රතිකාර ක්රමයකිග ලංකාවේ ඕනෑම ප්‍රදේශයක ජලය සුලබව ඇතග එය අපට නොමිලේ ලැබේග ගංගාල ඇළල දොළල වැව් රට තුළ තිබෙන අතර රට වටා මුහුද තිබේග එබැවින් සුදුසුකම්ලත් භෞතචිකිත්සකයෙකුගේ උපදෙස් පරිදි තමාගේ ඇති ඕනෑම රෝගයකට ජල චිකිත්සක ප්‍රතිකාර ලබාගත හැකියග ජලය ප්‍රතිකාරයක් ලෙස ගැනීමේදී ළමයින් ඉතා උද්යෝගයෙන් එම ප්‍රතිකාර ලබා ගනිතිග එබැවින් එම ප්රතිකාරවලින් ඉක්මනින් සුවය ලබා ගන්නා අය බොහෝයග ජලය සමඟ කරන ක්‍රීඩා ප්‍රතිකාර මනස ප්‍රබෝධමත් කරන අතර ආතතිය ද අඩු කරයිග
ජලයේ ඇති උඩුකුරු තෙරපුම මෙම ජල චිකිත්සාවේ භාවිතා වන මූලික සිද්ධාන්තයයිග ස්නායු ආබාධ නිසා දෙපා පණ නැති අයට ජල තටාකයක් තුළ ජලයේ උඩුකුරු තෙරපුම නිසා ගුරුත්වාකර්ෂණයට එරෙහිව දෙපා එසවිය හැකි බැවින් පහසුවෙන් ඇවිදීමට පුළුවනග
සාමාන්‍යයෙන් ජල චිකිත්සාව සඳහා යොදා ගන්නා ජල තටාකයේ වතුර ගලන දිශාව විවිධ කෝණ ඔස්සේ වෙනස් කළ හැකග වතුර පහර රෝගියාට වදින දිශාව මෙන්ම වේගය අඩු වැඩි කිරීමට ඒ තුළ උපකරණ ඇතග
මෙමඟින් දෙපා පණ නැති රෝගියාට දෙපා චලනය කිරීමට අවශ්‍ය ජවය ජලය මඟින් ලබා දේග මෙම ව්‍යායාම ක්‍රමය සක්‍රීය උදව් ව්‍යායාම ලෙස හඳුන්වයිග (Active
assisted exercises) තවද රෝගියාගේ චලනයට විරුද්ධව ද ජල පහර එවීමෙන් රෝගියා එයට එරෙහිව එම චලනය කිරීම නිසා අදාළ පේශි ශක්තිමත් වේග (Rwsisted exercises) එපමණක් නොවල ජල තටාක තුළ පඩි පෙලක් සහ සමාන්තර පොලු ද සවි කර ඇතග පඩි පෙළ නැඟීමේදී දෙපා ඉහළට එසවීමට ජලයේ උඩුකුරු තෙරපුම උදව් කරයිගමෙම ජල චිකිත්සාව මඟින් ඉතා ඉක්මනින් රෝගියා නැවත යථා තත්ත්වයට පත් කළ හැකග
සාමාන්‍යයෙන් ජල චිකිත්සක ප්‍රතිකාර ලබා දීමට ප්‍රථම භෞතචිකිත්සකවරුන් විසින් රෝගියා ඇගයීමකට ලක් කර රෝගියාගේ පේෂි වර්ගීකරණයක් කරනු ලබයිග එම වර්ගීකරණයට අනුව 3 වැනි ශ්‍රේණියට පේශිය පැමිණ ඇතිනම් පමණක් ජල චිකිත්සක ප්‍රතිකාරවලට යොමු කරනු ලබයිග
වර්ගීකරණයට අනුවල
පේශිය සංකෝචනය නොවේග
පේශිය සංකෝචනය වේග නමුත් චලනයක් සිදු නොවේග
පේශිය සංකෝචනය වන නමුත් චලනය කළ හැක්කේ පොළොවට සමාන්තර තලයක පමණිග
ගුරුත්වාකර්ශණයට එරෙහිව චලනය කළ හැකියග
බලයකට එරෙහිව ද ගුරුත්වාකර්ෂණයට එරෙහිව ද චලනය කළ හැකග
සාමාන්‍ය පේශිය
ආඝාතයට ලක් වුණු සියලුම රෝගීන්ට ජල චිකිත්සාව සඳහා රෝහල් තුළ පහසුකම් නැති වුවත් අප රටේ සෑම ප්‍රදේශයකම ගංගාල ඇළල දොළල වැව් සහ රට වටේම මුහුද ද ඇතග එබැවින් නිසි භෞතචිකිත්සක උපදෙස් ලබාගෙනල තවත් උදව්වට කීපදෙනෙක් ද සමඟ ආරක්ෂා සහිතව රෝගියෙකුට ගංගාව හෝ මුහුදු වෙරළේදී මෙම ප්‍රතිකාර කරගත හැකග
උදාහරණ ලෙස කලවයේ ඇති පේශිය වන කොඩ්රිසෙෆ් ශක්තිමත් කිරීමට මුහුදු වෙරළට ගොස් මුහුද දෙසට මුහුණලා ගෙඩට එන රැල්ල කකුලට ස්පර්ශ වන විට එයට විරුද්ධව දණහිසෙන් කකුල දිග හැරිය යුතුයග රැල්ලේ වේගය හා ජල පහරේ ඝනත්වයට එරෙහිව කකුල දිග හැරීමෙන් එය පහසුවෙන් කළ හැකග එවිට ටික දිනකින් පේශිය ශක්තිමත් වේග
කැඩුම් බිඳුම් හා විකලාංග රෝග තත්ත්වවලදීල උදාහරණයක් ලෙස පාදයෛ් අස්ථියක් භග්න වී ඇති විටද ප්ලාස්ටරයක් දමා සිට එය කපා ඉවත් කළ පසුදල පාදයට බර නොදමා කිහිලිකරු වලින් ඇවිදීමට වෛද්‍යවරුන් උපදෙස් දී ඇති අවස්ථාවලදී දල මෙම ජල චිකිත්සක ප්‍රතිකාර ලබාගත හැකියග
එනම් සාමාන්‍යයෙන් ජල තටාකයක රෝගියාගේ කිහිලි ප්‍රදේශය දක්වා ජලය පිරවූ විට රෝගියා දෙපාවලින් ජලය තුළ සිටගෙන සිටිය ද රෝගියාගේ බරින් 90්‍රක් රෝගියාට නොදැනේග මෙම ක්‍රමය මඟින් කිහිලිකරු නොමැතිව රෝගියාට ජල තටාකය තුළ ඇවිදීමට පුහුණු කළ හැකියග
(Non weight bearing)
එමෙන්ම සමහර අවස්ථාවල වෛද්‍යවරුන් රෝගියාට තමන්ගේ බරෙන් කොටසක් පමණ පයට දමා යන ලෙස අවවාද කරන අතරල එවිට රෝගියාගේ උකුල ප්‍රදේශය දක්වා ජලය පිරවූ තටාකයක ඇවිදීමේදී රෝගියාගේ බරෙන් 50්‍රක් පමණ දෙපාවලට වැටේග මෙය “Partial weight
bearing walking” ලෙස හැඳින්වේග
ජල චිකිත්සක ප්‍රතිකාර පිළිබඳව මෙවැනි කුඩා ලිපියකින් විස්තර කිරිම අපහසු වුවත් මේ පිළිබඳ තරමක අවබෝධයක් ඔබ ලබාගන්නට ඇතග
curtesy :dinamina.lk